Friday, January 9, 2015

පොරවගල


පොරවගල නැරඹුම් ස්ථානය

 

 එදා චාරිකාව බුදුරුවගලින් අවසන් වුවත් යළි එන ගමන් පොරවගලට පැමිණි බව කියන්නට අතපසු විය. බණ්ඩාරවෙල සිට බදුල්ල පැත්තට මඳ දුරක් එද්දී මධ්‍ය මහා විද්‍යාලයට යන දකුණු පැත්තට ඇති පාරෙන් අප හැරිය යුතුය. පාසලද පසු කළ යුතුය. අතුරු පාරේ යා යුතු මුළු දුර කිලෝමීටර් එකහමාරක් පමණි. එතැන පොරවගල නැරඹුම් ස්ථානයයි. අප දන්නා ලිප්ටන් සීට්, පිල්ක්ලින්ටන් පොයින්ට්, මිලේනියම් පොයින්ට් ආදී වීව් පොයින්ට් තරම් චිර ප‍්‍රසිද්ධ නොවූවද, ඒ තරම් දුර ඈත පළාත් ගණන් නො පෙනුන ද නගරයට ඉතා කිට්ටු ඉතා පහසුවෙන් ළඟා විය හැකි නැරඹුම් ස්ථානයක් ලෙස මෙය වැදගත්ය. එහෙත් එය බොහෝ දෙනාගේ අවධානයෙන් ඈත්ව අප‍්‍රසිද්ධියේම ජීවත් වේ. මධ්‍ය මහා විද්‍යාලයේම ඉගෙන ගත් බණ්ඩාරවෙලම පදිංචි අප මිස් කෙනෙකුගෙන් මේ ගැන ඇසූ විට ඒ ගැන හාංකවිසයක් ඇය දැන නොසිටියාය. ඉතින් ඔබ යන්න. විඳ ගන්න. කෙටි දුරකින් ලබා ගත හැකි සුන්දරත්වය.














ගැමුණු පී. දසනායක







No comments:

Post a Comment