Wednesday, August 14, 2019

පුංචි ලෝකාන්තය මඩොල්සිම

පුංචි ලෝකාන්තය බිම සිට....


මඩොල්සිම පුංචි ලෝකාන්තයට මුලින්ම අප පා තැබුවේ මීට අවුරුදු පහකටත් කළින්ය.ඉන් පසු කිහිප විටක් ඒ සෞන්දර්යයෙන් මුසපත් වීමි. ඔබටත් පුළුවනි මේ සබැඳිය දිගේ ගොස් එය විඳ ගන්න.

http://gamunupdassanayake.blogspot.com/2015/01/blog-post_48.html


එදා මඩොල්සිම අංශක එකසිය අසූවේ නැරඹුම් ලක්ෂයක සිට ඈත පෙනෙන මහියංගනයත් ඉන් එපිටත් අපි නැරඹීමු. එතැන දිසා දක්වනය අපට මග පෙන්වන්නටම සාදා තිබුණි.



ලේ දන්දීමකට මහියංගණේ යද්දී බිබිල පසු වී ටික දුරක් ගිය විට වම් පසින් පෙනෙන ඒ කඳු වැටි මඩොල්සිම බව ප‍්‍රකාශ වූයේ අප ගිලන්රථ රියදුරු අජන්ත මහතාගේ මුවිනි මට මතක හැටියට. ඉහළ සිට එදා දුටු සෞන්දර්යයේ මුදුන මෙදා බිම සිට දැකීමේ චමත්කාරය ඡුායාරූපයකට ගන්නට ඉන් පසු එතැන පසුකර ගිය කිහිප දිනකම පුල පුලා සිටියද මිහිදුම ඒ සොඳුරු දසුන් බොඳකර දැමුවේය.



පසුගිය දිනක මහියංණේ සිට මොනරාගලට එද්දී අහම්බෙන් ඒ දසුන නෙත ගැටිණි. මිහිදුම බිඳකුදු නැත. කොටසර පියංගල පසු කොට මඳක් ගිය තැන දකුණු පසිනි ඒ සෞන්දර්ය යාය එළා ඇත්තේ. වාහනය මග අයිනේ නතර කොට කැමරාව මානා ගත්තේ ඇස නොරැඳෙන ඒ චමත්කාරය සදා කල් රඳවා ගන්නටය.





ගැමුණු 2019-08