Sunday, March 6, 2016

බුත්තල දුටුගැමුණු දරුවන්ගේ ව්‍යාපෘතිය



බුත්තල දුටුගැමුණු දරුවන්ගේ ව්‍යාපෘතිය

     
          මේ දිනවල අපට ලේ හිඟ ය. ලේ දන්දීමේ කඳවුරු කීපයක් පිට පිට ම අවලංගු විය. දින දෙකකට කළින් හඳපානාගල කඳවුර සංවිධායකයන් අතර ආරවුලක් නිසා ඔවුන් විසින් හදිසියේ අවලංගු කරනු ලැබ තිබිණි. එසේ වූ විට අපත් ඉන් පසුව රෝගීනුත් පත්වන අපහසුතාව දන්නේ අප ම පමණි. ඊයේ දැඩි සත්කාර ඒකකයේ රෝගියකු වෙනුවෙන් රුධිර පට්ටිකා ගෙන ආවේ කොළඹිනි. ලේ දන්දීමක් අවලංගු කිරීමට යන්නේ වචන දෙක තුනකි. එහෙත් ඉන්පසු හදිසි ලේ එකතු කිරීම වචනවලින් කිව නොහැකි තරම් වේදනාකාරීය. ඔබ දන්නවනම්.......


         ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීමට විවිධ ආරම්මණයෝ ප‍්‍රමුඛ වෙත්. අයෙක් ආයතනයට ලැබුණු ප‍්‍රතිපාදනවලින් එය සංවිධානය කරති. එයින් සුළු කොටසක් ගෙන නමට පමණක් ලේ දන්දීම කරන්නෝ ද ඒ අතර නැත්තේ නොවෙති. ඔවුහු තම කාලය, ශ‍්‍රමය එම කටයුත්ත වෙනුවෙන් කැප නොකරති. රුධිර දායකයන් දැනුවත් කොට ගෙන්වා ගැනීමට කටයුතු කරති. ඇතැම් විටෙක ලේ පැකට් දහ දොළහක්වත් නොතිබුණත් තමුන් විසින් ලේ දන්දීමක් කළ බවට සහතික ඉල්ලන අය ද ඉඳ හිට හමු වෙති. මොනවා කරන්නද.... නායත්ත කායා නායත්ත සංඥා.... ඒ අතර සමහර ව්‍යාපාර වැනි ආයතන මඟින් දැවැන්ත කඳවුරු සංවිධාන කරති. ඇතැම් විට එම පුණ්‍යාධාර වැඩසටහන් නිසා ඔවුන්ට රජයේ බදු සහන ලැබෙනවා වන්නට පුළුවන' නමුත් ඔවුන් මේ රටේ විශාල පිරිසක් වෙනුවෙන් එක් වරකට විශාල ලේ ප‍්‍රමාණයක් ලබා දීමට කරන කැපවීම පැසසුම් කටයුතු ය. රුධිර දානය ද දානයකැයි යන අදහසේ සිට මිය ගිය තම ඥාතියකු සිහිපත් කරීම වැන්නක් වෙනුවෙන් දෙන දානයක් ලෙස තම නිවස ම  zzරුධිර දානෙ ගෙදරක්ZZ බවට පත් කර ගනිමින් සංවිධානය කළ ලේ දන්දීමේ කඳවුරු ද සාර්ථක ව සිදු කරනයුරු අපි දකිමු.


           පාසල්වල උසස්පෙළට කිසියම් ව්‍යාපෘතියක් කළ යුතු ය. ඒ සඳහා සිසුහු විවිධ දේ තෝරා ගනිති. බුත්තල දුටුගැමුණු විදුහලේ දරුවන් තෝරා ගත්තේ ලේ දන්දීමේ කඳවුරක් පැවැත්වීමයි. කටයුත්තේ උදාර බව ඉතා ඉහළ වුවත් සිසුන් පිරිසක් මෙවැනි කර්තව්‍යයක සංවිධානත්වය භාර ගැනීම අභියෝගයකි. ඒ අභියෝගය ඉහළින් ම පිළිගත් බව සියයක් පමණ රුධිර දායක පිරිසක් තම කඳවුරට සහභාගී කරවමින් ලේ පැකට් අසූ පහක් ලේ බැංකුව හරහා ඌව වෙල්ලස්සේ ආදරණීයයන් වෙනුවෙන් දායක කරන්නට ඔවුන් දැක්වූ දායකත්වයෙන් ම පෙනිණි. මේ සියල්ලට ගුරුහරුකම් දෙමින් නිසි මඟ පෙන්වා තිබුණේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයයි. අ¥රදර්ශී වූ ද" අවස්ථාවාදී වූ ද දේශපාලකයින් විසින් චෙක් ලිවීම" වවුචර ලිවීම වැනි ලිපිකරු වැඩ ද" ගබඩා භාරකාර වැඩ ද ආදී අනිසි වැඩ ගුරුවරයා මත පටවමින් සිසු දරුවන්ට උගැන්වීමට ඇති කාලයත්" මානසිකත්වයත් යන සියල්ල අහෝසි කරවන ලද යුගයක ඒ සියලූ බාධක ඉවසමින් ශිෂ්‍යයින්ට යහපත් ආකල්ප ප‍්‍රායෝගික ව ඉගැන්වූ මේ ගුරුදෙවි පිරිසට මුළු රටේ ම ප‍්‍රණාමය හිමි විය යුතු ය.





අධ්‍යාපනික ව්‍යාපෘතියක් වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන්නට සිතීම ම අසිරියකි. දරුවනි" ගුරුවරුනි" ස්තුතියි.....

ගැමුණු පී. දසනායක 2016-03-04

No comments:

Post a Comment