2004-01-07 rajina
2004-01-25 lakbima
2004-01-30 dinamina
2004-02-01 lakbima
2004-03-21 lakbima
2004-04-11 lakbima
2004-04-25 lakbima
2004-05-28 dinamina
2004-05-30 divaina
2004-05-30 lakbima
2004-06-13 lanka
2004-06-13 lakbima
2004-07-23 dinamina
2004-08-15 lanka
2004-09-03 rajina
2004-09-12 silumina
2004-09-19 lakbima
2004-10-10silumina
2004-10-17 lakbima
2004-10-31 lanka
2004-10-31 silumina
2004-11-06rajina
2004-11-12 dinamina
2004-11-28 lakbima
2004-11-28 silumina
2004-12-1 rajina
Tuesday, December 11, 2012
Sunday, December 2, 2012
WEDIYA NILLA- 2005 KETI KATHA
තිරයත් තෙලූත් තිබිය දී පොල් තෙල් පහන නිවී යයි. එහි තිරගින් අවසන් දුම් රැලි කිහිපය විසිර යේ. ලොකු නංගී පැමිණ ගිනි කූරක් ගසා යළි පහන පත්තු කර තිරය තව ටිකක් ඉදිරියට තල්ලූ කරයි. පහන වඩා දීප්තිමත් ව දැල් වේ.
..........
දෑවුරුද්දකට කළින් එක්තරා දිනෙක අම්මා උදේ පාන්දරින් ම බුදු පාන පත්තු කළා ය. ප‍්‍රඥාලෝකය විහිදුන පහනින් තෙල් බිඳක් ඇඟිලිවල තවරා ඉන් මා හිස පිරිමදිද්දී ඈ ඒ ආලෝකයෙන් බොහෝ දුර දකින බව මම දුටිමි. මඟ මඟ හමු විය හැකි අසුබ දසුන්වල අපල කැපී යන්නට තරම් බලගතු සමන් පිච්ච මල් වතුර බඳුන රැගෙන ඉදිරියට ආවා ය ඈ. මහ වරුසාව බුරාගෙන කඩා පැන්න ද, අපි ඉදිරියට ම පා තැබුවෙමු. පහ මාරේ කෝච්චිය අපට වැරදුණේ නැත. ඒ දවස්වල කොහොමටත් සීතල ය. ඒත් එදා වඩ වඩා සීතල දැනෙන්නට විය. සිතිවිලිවලට තටු ලැබී කැදැල්ල වෙත පියඹමින් තිබුණි. නංගිලා මල්ලිලා හා ගෙවූ රංඩු සරුවල් පිරි මිහිරි යුගය ඈත සිට අත වැනී ය. කෝච්චිය ගමන් කළේ ‘‘ කොහොම ද රිසල්ස්, කොහොම ද රිසල්ස් ’’ කියමිනි. ප‍්‍රතිඵල ආ දවස මා මතකයේ මතුපිට ම ස්ථරයේ වාඩි ලා ගෙන සිටියේ ය.
.............
සාලය නිශ්ශබ්ද ය. පසුගිය දින දෙක ම නිදි වැරූ අම්මාට නින්ද ගොසින් ය. සාලයේ බිත්තිය මත එල්ලූ පින්තූර කණ පිට ගසා ඇත. එක පින්තූරයක කණපිට සැරසී ඇත්තේ මා විසින් අඳින ලද චිත‍්‍රයකිනි. මෙපමණ කලක් සැංගී සිටි සිතුවම අද එළියට පැමිණ ඇත.
.............
මගේ ජීවිතය ද කණපිට හැරුණේ සරසවියට ඇතුළු වූ දවසේ සිට ය. එදා මා වට කරගෙන නැඟී සිටියෝ සුදු පාට උස ගොඩනැඟිල්ලෝ ය. මා නිකම්ම අඟුටුමිට්ටකු බවට පත් වී තිබිණි. ඒ උස සුදු ගොඩනැඟිලි ඇඟිලි උරුක් කර කර මගෙන් ඉංග‍්‍රීසියෙන් ප‍්‍රශ්න ඇසී ය. ටයි කෝට් ඇඳ කාරෙකෙන් ගමන් යන ගෞරවනීය සිහිනය තුළ සැඟ ව තිබුණේ පිළිකුල යි. දවසක් දෙකක් ගතවන විට මිනී කාමරයේ ගැවසීමට සිත කැමති කරවා ගත්ත ද, එහි දී ඇතැම්හු බඩ බොකු හාරන්නට වූහ. ඇතැමෙක් ඔපරේෂන් සැත්වලින් එකිනෙකා කපා ගත්හ. මෙහි ජීවත් වන්නට නම් ඇෙඟ් සියුම්, අතිසියුම් ස්නායු තන්තු ව්‍යවච්ෙඡ්දනය කළ යුතු ව තිබිණි. පපුව පලා නිරීක්ෂණය කළ විට මා දුටුවේ ක්ෂීණ වී ගිය හෘදාංකුර ය. කපාලාස්ථිය තුළින් අත් දම දමා මොළය තව තවත් දැනුම හිඟා කන්නට විය. නො ලැබුණ විට තර්ජන ගර්ජන මඟින් ලබා ගන්නට වැර දැරී ය. නිරන්තර පිට දමන කුණු ඕජස් මතින් පියාඹා ඉවත් වන්නට මට ඕනෑ විය. ගෙදර හා කොළඹ අතර නිරන්තර උඩ පහත සංචරණයක් පිණිස මා දෑතේ යකඩ පිහාටු දලූ ලෑ ය.
..................
පොඩි හාමුදුරුවෝ සාලයට වඩිති. ‘‘ඔහොම තමයි අම්මේ ජීවිතේ හැටි.’’ අම්මා සැනසෙන්නට ඇතැයි සිතා දෝ උන් වහන්සේ ආපසු වඩිති.
....................
ජීවිතේ එහෙම තමයි. එදා බිතු සිතුවම් කියා නම් කරන්නට උත්තර දිසාවෝ පෙනෙන්නට නො සිටියෝ ය. ‘‘ඔබයි රම්‍ය සඳ කිරණ’’ යි කියන්නට ද කවුරුත් සිටියේ නැත. නො සිතූ, නො පැතූ මොහොතක හදිසියේ නෙළුම් මල් දියෙන් මතු වූයේ ද නැත. ඒ තරමට ඒ වතුර කුණු ඕජස් ගලන විස පිරුණේ විය. ඔවුහු උඩ බලාගෙන ගමන් කරන්නට වූහ. උස ම ගොඩනැගිලි මුඳුන්වල ඔවුන් ගේ සිහින කැදැලි ඉදි ව තිබිණි. සිතින් ඔවුහු ඒවායේ බිජු ලෑහ. හැබෑවට ම එහි යාමට පියගැටපෙළවල් හා විදුලි සෝපාන සොය සොයා දිව ගියෝ ය. මගේ පෑන ගිලිහී වැටුණේ ඔය අතරේ දී ය. යළි අහුලාගෙන ලියන්නට බැලූව ද පෑනේ ලේඬියා ගොස් තිබිණි. සෙරෙප්පුවක උළා බැලූව ද එය ලියැවුණේ තින්ත කැටි ගැසෙමිනි.
...................
මිනිය වටා මැස්සෝ කීප දෙනෙක් කරකැවෙති. එක් මැස්සෙක් පියාඹා විත් නළල මත ඈඳි ගනියි. සුදු හාමිනේ පත්තර පිටුවක් ගෙන උන් එළවා දමන්නී ය.
....................
නිල මැස්සෝ විවිධ දුෂ්කරතා රැුගෙන මා ජීවිතය මත වැසුවෝ ය. විභාගය අසමර්ථ වීමෙන් මහපොළ කපා දැමිණ. අත නො පා ජීවත් වීමට තිබූ එක ම සරණ ද ඉන් නැති ව ගියේ ය. මිළ මුදල් අවශ්‍යතා වෙනදාට වඩා හිතවත් ව අසල ම කැරකෙන්නට විය. බඩගින්න ඉවසිය නො හැකි වූ දවසක බඩ බොකු කපා එම්බාම් කෙරුව ද සඳුන් රුකක් වූයේ නැත. සිඳිත මඬිත ඉන් තව තවත් කුණු ජරාව ම ගලා එන්නට විය. අත මිට මෙළැවුණේ සඳුන් හරයක් අතේ ගුළි වූ නිසා නො වේ. තරහට ය. මා සමඟ ම ඇති වූ තරහට ය.
....................
කොළඹින් ආ යහළුවෝ මිනියට ආචාර කරති. ඔවුන්ගේ මුහුණු ශෝකයෙන් භරිත වී ඇත. ඇඟිල්ලෙන් ඇන්නා නම් ඇස් පුපුරා කඳුළු පනිනු ඇත.
.....................
ඉස්සර අපි ද යාළුවකු ගේ මළ ගෙදර ගියෙමු. මිය ගොස් සිටියෝ යාළුවා ගේ මෑණියෝ ය. කුලියට ගත් බස් රියෙන් අපි පිටත් වීමු. මුලින් සිහින් ගී හඬින් ඇරැඹි ගායනාව පසු ව බජව් සාජ්ජයක් විය. මළ ගෙදර ළං වත් ම අපි මුහුණු මත මල් වඩම් ලා ගත්තෙමු. සාතිශය සංවේගය මිදුල අයිනේ ඉහළින් ම එල්ලූවෙමු.
......................
පාංසකූලයට හාමුදුරුවෝ වඩිති. අම්මා පොළොවේ හැපි හැපී විලාප තබයි. ‘‘බලන්න ලොකු හාමුදුරුවනේ මට උන්න එක ම කොල්ලා මට නැති වුණා......’’
......................
‘‘අනේ සර්......... මං බැච් මිස් වෙලා! ’’
එදා පීඨාධිපති ඉදිරියේ මා දුක් ගැනවිල්ල ඇරැඹුවේ එලෙසිනි.
‘‘අයිසෙ විභාග තියෙන්නෙ ලියන්න. ෆේල් වෙනව නැත්නම් පාස්වෙනව’’
ඔහු පලපුරුද්දෙන් ම, පැමිණෙන විලාසයෙන් ම රෝගියා හඳුනා ගෙන තිබිණි. මේසය දෙස ම බලාගෙන ප‍්‍රතිකාරය දමා ගැසුවේ ඒ ආකාරයට ය.
‘‘ සර් ඒකෙන් මහපොළත් කැපිල සර්’’
ඉදිරියේ තබා ඇති ඊයම් බරුව සේ ම විය ඔහුත්. ඒ හිත තැබූ තැන ම ය. සියලූ බලාපොරොත්තු පා වී ගිය පසු පියගැටපෙළ බැස නේවාසිකාගාරයට පැමිණියෙමි.
.......................
දවුල් හඬ අතරේ දේහය දර සෑයේ දැවෙයි. ඉතිරි වූ අවසාන රූප කායෝ සෑය මුඳුනින් අවකාශයට එකතු වෙත්.
.......................
නේවාසිකාගාර කාමරයේ ඇඳ මත වාඩි වෙද්දී බොහෝ මුහුණු බිත්ති මත ඇඳී තිබිණි. අයෙක් ඔලොක්කුවට සිනාසුන හ. ‘‘දැන් ඉතින්...... ගෙදර පලයන්.........’’ ‘‘ෆේල් නේඃ....... ’’ ‘‘ෆේල්.... ෆේල්...... ෆේල්...... ෆේල්..... ෆේල්...... ෆේල්......’’ ආර්ථිකයට, අපහාසයට, උපහාසයට අධිපති යක්ෂයෝ මට වස කුප්පියේ මූඩිය ඇර දුන්නෝ ය. මම එය කටට හළා ගතිමි.
...................
මරණයේ කටයුතු අවසානයේ අල්ලපු ගෙදර රංසි අක්කා අම්මා ගේ අත අල්ලාගෙන හද පත්ලෙන් නැ ෙඟන ශෝකය ප‍්‍රකාශ කොට සමුගෙන යයි. මගේ සිත ඇයට නො දැනෙන සේ ඈ පසුපස ගමන් කරයි. ඈ නැවතුණේ පින් ළිඳ ළඟ ය.
‘‘මරණ ගෙදර ගිහින් වගේ’’
‘‘මදැයි දොස්තරලා කොරා’’
‘‘විභාගෙ පේල් වෙලා වහ බීලලූ..... එහෙ ඉඳන් ආපු මහත්තැන් කෙනෙක් කිව්වෙ...’’
‘‘ කොරන්න බැරි මළ ඉලව්ව මොකට ගියා ද බං... අපි වගේ වත්තෙ පිටියෙ වැඩක් බලන් හිටියනන් අහවරනෙ. ’’
‘‘ දැන් මහ අම්මණ්ඩිගෙ රැස්පොට් බහීවි.’’
...................
මාස දෙකකට පසු මා සිත කොළඹ යයි. දැන් මා සිටින්නේ සරසවිය තුළ ය. එදා සරසවිය ම ය එය. කිසිවක්, කිසිවෙක්, කිසි ලෙසකින්වත් වෙනස් වී නැත. සරසවිය අලූත් ඇඳුම් ඇඳ මේ සැරසෙන්නේ අනිද්දා පැවැත්වෙන ගොයින් ඩවුන් නයිට් එකකට ලූ. සියලූ ශිෂ්‍යයෝ සුපුරුදු පරිදි උඩ බලාගෙන ඇවිදිති. සිත නේවාසිකාගාරයේ මගේ කාමරයට පිවිසෙයි. සුගත්, මගේ කාමර සගයා පොත තුළ හිස ඔබා ගත් පරිදි ම ය. මගේ මේසයට අලූතින් ළමයෙක් පැමිණ තිබේ. මා ඔහු හඳුනන්නේ නැත. මගේ ස්වල්ප වූ විද්‍යා පොත් කිහිපය හා ගත හැකි උපකරණ මිතුරන් විසින් බෙදා ගනු ලැබ තිබේ. මා මහාර්ඝ වස්තු කොට සළකා රැක ගත් කවි පොත් මගේ ඇඳ ඇතිරිලි සමඟ ගිනිබත් කර තිබේ. බිත්තියේ ගසා තිබූ කපුගේ ගේ පින්තූරය ගලවා දමා හිපොක‍්‍රටීස් එහි එල්ලා තිබේ. වෛද්‍ය විද්‍යා පින්තූරවලින් ම විභූෂිත වූ එම බිත්ති අයත් කාමරය දැන් නම් වෛද්‍යවරයෙකුගේ ම ය. මා විසින් ආදර්ශ පාඨයක් සේ බිත්තියේ ලියා තබන ලද රත්න ශී‍්‍ර ගේ කවියක කැබැල්ලක් නො මැකිය හැකි නිසා ම තා ම ජීවත් වේ. ‘‘දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය-කටු පොකුර සිප ගන්න හෙට මලක් වනු පිණිස’’
.......................
‘‘ අයියෙ, අද ලයිට් එන්නෙ නැතුව වගෙයි. මෙන්න ඉටිපන්දමක්. ’’
ලොකු නංගී මා අතට ඉටිපන්දමක් දී ගිනි කූරක් ගැසී ය. කාමරයේ ගන කළුව දිය වී යයි. මම ඉටිපන්දම නො නිමෙන සේ පරිස්සමෙන් ගෙන ගොස් මේසය මත ගැසුවෙමි. ලාච්චුවේ දමා ගෙන හුන් වස කුප්පිය අතේ ගුළි කරගෙන පිළිකන්නට ගිය මම කිසිවෙකුට නො දැනෙන සේ බිමට හැළුවෙමි.
ගැමුණු පී. දසනායක
Subscribe to:
Posts (Atom)